University of Sabaragamuwa

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ පහක සිසුන්ගේ පොදු සංවිධානය වන සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සබරගමු විද්‍යාර්ථයින්ගේ මෙන්ම සමස්ථ සමාජයක අයිතින් වෙනුවෙන් පෙනී සිටිමේ වගකීම් කරතබා ගෙන සිටී.
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය, සමාජීය විද්‍යා හා භාෂා පීඨය, භූ විඥාපන පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය, හා කෘෂි විද්‍යා පීඨය යන පීඨයන්ගේ පීඨ ශිෂ්‍ය සංගම් වල එකතුවෙන් මහා ශිෂ්‍ය සංගමය ගොඩනැගී ඇති අතර සියලු සිසුන්ගේ අධ්‍යයන හා සුබසාධන ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාලයට භෞතික හා මානව සම්පත් දිනාගැනීම වෙනුවෙන් පෙනී සිටින අතර ශිෂ්‍ය ව්‍යාපරය හා එක්ව නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් කරන්නා වූ අඛණ්ඩ අරගලය වෙනුවෙන් ජීවය සැපයීමටත් සමාජයේ දැවෙන ගැටලු වෙනුවෙන් පෙනී සිටීමටත් කැපවී සිටී.
එමෙන්ම විශ්වවිද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථයා පොත පතින් හා දේශනශාලාවෙන් ලබාගන්නා න්‍යායාත්මක දැනුමින් සන්නද්ධ කරමින්, මානව සමාජය වඩාත් සුන්දර, සංවේදී ස්ථානයක් කිරීම සදහා පුළුල් දැක්මක් හා සමාජ අවබෝදයක් සහිත කලාකරුවන්, ක්‍රීඩකයන්, පර්යේෂකයන් බවටත් නිහතමානී මානව හිතවාදියෙකු බවටත්, සමාජ අසාධාරණයන්ට එරෙහිව අරගල කරන්නෙකු බවට පත්කිරීමත් මහා ශිෂ්‍ය සංගමයේ අපේක්ෂාවයි.

මහා ශිෂ්‍ය සංගමයේ වර්ථමාන වගකීම්