Mission

අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත!

පාලකයින් සමඟ සම්මුතියක් ද නැත. එහෙයින් විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම සියලු ජනතාව එකට එකතු විය යුතුය. සංවිධානය විය යුතුය. සටන් වැදිය යුතුය. අයිතීන් කොල්ලකන, විකුණා දමන කුරිරු ධනේෂ්වරය පරාජයෙන් පරාජයට පත් කිරීමටත්, ජනතාවගේ අභිලාෂයන් ඉටුවන, ජනතාව විසින් බලය හොබවන වඩා යහපත් සමාජ ක්‍රමයක් විජයග්‍රහණය කිරීමටත් අප එකාවන්ව සටන් වැදිය යුතුය. අ.වි.ශි.බ.ම ඒ සඳහා සමාජ අරගලයට අවශ්‍ය නායකත්වය සහ දායකත්වය මේ මොහොතේ සපයනු ලබයි.