අ.වි.ශි.බ.ම ආරම්භ වන්නේ 1978 වසරේදීය. 1976 පේරාදෙණිය සරසවියේ රෝහණ වීරසූරිය ශිෂ්‍යයා පොලිස් වෙඩි පහරට ලක්ව මිය යාමත් සමඟ මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ නායකත්වය සම්බන්ධයෙන් බරපතල කතාබහක් ඇති විය. එතෙක් ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්ව කාර්යභාරය ඉටුකළ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවලට සම්බන්ධ ශිෂ්‍ය නායකයින් වීරසූරිය ඝාතනයට යුක්තිය ඉල්ලා සිදුකළ අරගලය පාවා දීමට උත්සාහ කරන ලදී. එය පැවති නායකත්වය සිසුන් අතරින් නිර්දය ලෙස ප්‍රතික්ෂේප වීමටත් නව දේශපාලන නායකත්වයක් ඉල්ලා සිටීමටත් තීරණාත්මක හේතුවක් බවට පත්විය. එසේ බිහි වූ නව නායකත්වය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයයි. එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර අ.වි.ශි.බ.ම පළමු කැඳවුම්කරු විය.

එතැන් පටන් මෙරට බිහිවූ ප්‍රබලතම බහුජන සටන් මධ්‍යස්ථානය බවට ක්‍රමානුකූලව අ.වි.ශි.බ.ම පත්වූ අතර අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැති බව තහවුරු කරමින් සමාජයට ජයග්‍රහණ ගණනාවක් අ.වි.ශි.බ.ම විසින් දිනාදෙන ලදී. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලුවලට පමණක් අ.වි.ශි.බ.ම සීමා නොවුණු අතර සමාජයේ සියලු පොදු ගැටලුවලදී තීරණාත්මක කාර්යභාරයක් අ.වි.ශි.බ.ම විසින් තමන් වෙත පවරාගනු ලබයි. නිදහස් අධ්‍යාපන අයිතිය දිනාගැනීමත්, පොදුජන අයිතීන් ජයග්‍රහණය කිරීමත් ⁣සඳහා 1978 පටන් මේ දක්වා අ.වි.ශි.බ.ම ක්‍රියාත්මක කළ අරගලය තුළදී පාලකයින් සිය ගණන් සිසු ජීවිත ටයර් සෑයවල් මත පුළුස්සා බිලිගෙන තිබේ. නමුත් ලෙයින්, යකඩින්, ගින්දරෙන් මර්දනය කළ නොහැකි වූ අ.වි.ශි.බ.ම මර්දනයේ අලු මතින් ෆීනික්ස් කුරුල්ලෙකු සේ නැවත නැවතත් නැගී සිටිමින් අදටත් විශ්වවිද්‍යාල සිසුන් සහ පොදු ජනතාව සමඟ සහෝදරත්වයේ අත්වැල් බැඳගෙන අඛණ්ඩව, අභීතව සටන් වදිමින් සිටිති.

නිදහස් අධ්‍යාපනය බිහිවෙයි

මිනිසා මිනිසෙක් බවට පත් කරන ලද්දේ අධ්‍යාපනයයයි. වානරයා ගසෙන් බැස දෙපයින් නැඟී සිට සිය කශේරුකාව ඍජු කරගත් දා පටන් මිනිසා විසින් ලබන ලද අත්දැකීම්, අත්විඳීම් තුළින් ඔහු දැනුම රැස් කරගත්තේය. ඒවා ඔහු සමඟම පොළොවට පස් වී ගියේ නැත. එම දැනුම, ආකල්ප, හැකියාවන් ඉදිරි පරම්පරාවටත් දායාද කළේය. අධ්‍යාපනය යනු එසේ ගොඩනැඟුණු දැනුම් පද්ධතිය ඉදිරි පරම්පරාවන්ටත් දායාද කිරීමේ ක්‍රියාවලියයි. ගෝත්‍රික යුගයේ සිට මේ දක්වා මිනිස් ඉතිහාසය ගොඩනැඟුනේ එම අධ්‍යාපනයේ අත්තිවාරම මතිනි.

දෙපයින් සිටගත් පමණින් මිනිසෙකු නොවූ මිනිසා නියම මිනිස්භාවය ලබාගත්තේ අධ්‍යාපනයෙන් ලද ශික්ෂණයත් සමඟිනි. අධ්‍යාපනයට අයිතිකරුවන් නැත. එය සමාජය සතු දෙයකි. එය සෑම මිනිසෙකුගේම අයිතියකි. නමුත් පංති සමාජය පහළ වීමෙන් පසු ක්‍රමයෙන් අධ්‍යාපනය පාලක පැළැන්තියේ වරප්‍රසාදයක් බවට පත් විය.

වහල් යුගයේ වහල් හිමියා ද, වැඩවසම් යුගයේ ඉඩම් හිමියා ද, නූතන ධනවාදී යුගයේ ධනපතියා ද අධ්‍යාපනයේ අයිතිකරුවන් බවට පත්විය. සමාජයේ සාතිශය බහුතරයක් වූ පීඩිත පංතියේ මිනිසුන්ට අධ්‍යාපන අයිතිය අහිමි විය. ඉතිහාසයක් පුරා ඔවුහූ නූගත්කමින්, දුප්පත් කමින් පීඩා වින්දාහ. මෙම තත්ත්වය වෙනස් වී පංති, පාට, ජාති, ආගම්, කුලමල, ලිංග ආදී කිසිඳු භේදයකින් තොරව සියලු දෙනාට අධ්‍යාපනය ලැබිය යුතු බව මුලින්ම ප්‍රකාශ කළේ කාර්ල් මාක්ස් විසිනි. ඔහු හා ෆෙඩ්‍රික් එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශන කෘතියේ මේ බව සඳහන් විය.1917 රුසියානු විප්ලවයෙන් පසු එහි එය ක්‍රියාත්මක විය. ඉන්පසු ලොව පුරා වාමාංශිකයින් නිදහස් අධ්‍යාපනය සඳහා අරගල කළේය. මෙරට තුළත් 1930 දශකයේ මුල සිට ආරම්භ කළ අරගලයේ ප්‍රතිපලයක් ලෙස 1936 සී.ඩබ්.ඩබ්.කන්නංගර මහතා නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. පීඩිත පංතියේ දරුවන් අධ්‍යාපනය ලැබීම තම පංතියට අභියෝගයක් වේ යැයි සිතූ පාලකයින්ගේ විරෝධතා මැද යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, උඩකැන්දවල සරණංකර හිමි, වල්පොල රාහුල හිමි ඇතුලු වාමාංශික අදහස් දැරූවන් නිදහස් අධ්‍යාපන සටන් රට පුරා අවුළුවාලීය.1947 ලංකාව තුළ නිදහස් අධ්‍යාපන පනත සම්මත වන්නේ අත්සන් ලක්ෂ පහක් සමඟ ගෙන ගිය දැවැන්ත ජන සටනක ජයග්‍රහණය සනිටුහන් කරමිනි. එය මෙරට ඉතිහාසය තුළ තීරණාත්මක මංසන්දියක් විය.

1949

සිසු සටන් ඇරඹේ.

1949 පේරාදෙණිය මණ්ඩප සිසුන් පෞද්ගලික රථ ගාලක් හා බත් පතට බිත්තරයක් දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් කළේය. මෙය ලංකාවේ පළමු සිසු උද්ඝෝෂණයයි. නමුත් අරගල ඉතිහාසයේදී සංවිධානාත්මකව කළ පළමු අරගලය ලෙස 1962 රාජ්‍ය කලායතනය(හේවුඩ්) තුළ කළ අරගලය හඳුනා ගත හැක. මුලින්ම සිසු සටනකදී උපවාසයක් ක්‍රියාත්මක කරන්නේ ද මෙහිදීය.

බත් පතට බිත්තරයක් වැනි සටන් පාඨ වල සිට ශිෂ්‍ය අරගල පසුකාලීනව පුළුල් දේශපාලනික ඉල්ලීම් දක්වා වර්ධනය විය. ඊට හේතු වූයේ නිදහස් අධ්‍යාපනය දිනීමෙන් පසු කම්කරු, ගොවි, ධීවර ජනතාවගේ දරුවන් සරසවියට පැමිණීමත් ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන්කාමීත්වය හා පුළුල් වූ දේශපාලන දෘශ්ටියත් හේතුවෙණි.

පැට්‍රික් ලුමුම්බා ඝාතනයට, වියට්නාම් යුද්ධයට පවා එරෙහිව හැටේ දශකය වනවිට සිසුන් අරගල කළේය. 1965 ශිෂ්‍ය සභාවල නිළ අයිතිය ඇතුලු ඉල්ලීම් 10කින් යුතුව පේරාදෙණි සිසුන් විසින් කළ සටන මර්දනය මැද්දේ වුවද අවසන් වූයේ ජයග්‍රහණයකිනි. ඉන්පසු 1971දී වූ විප්ලවීය නැගිටීමට පවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් දායකත්වයක් ලබාදීමට පසුබට නොවන තත්ත්වයට ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් වීය. මෙලෙස ඇරඹී ශිෂ්‍ය සටන්, ලේ දහඩිය කඳුලු මතින් මෙරට සමාජය වඩා යහපත් තැනක් කිරීම සඳහා අඛණ්ඩව සිදුවන ලදී.

1976

සරසවි බිම ලෙයින් නැහැවූ පළමු සිසු ඝාතනය.

කුරුණෑගල උහුමීය ප්‍රදේශයෙන් පැමිණි රෝහණ වීරසූරිය සහෝදරයා දිළිදු පවුලක උපන් දරුවෙකි. 1934 දී ආරම්භ කළ මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවියට පැමිණි පළමු සිසුවා ද මොහු විය. මෙම කාලය තුල සරසවිවල ශිෂ්‍ය සටන් ද සාධනීය තත්ත්වයකට පැමිණ තිබුණි. සුපුරුදු ලෙස ආණ්ඩුව විසින් ශිෂ්‍ය දීමනා, සුබසාධනයන් කප්පාදු කිරීම හමුවේ නිහඬවීම වෙනුවට අරගල කිරීම තෝරා ගැනීමට සිසුන් තීරණය කරන ලදී.

එවකට පේරාදෙණියේ හිටපු මණ්ඩපාධිපතිවරයා ආණ්ඩු ගැති පරිපාලකයෙකි. සිසුන්ට දැවැන්ත පීඩාවක් එල්ල විය. සිසුන්ට ලබාදුන් මාසික දීමනාව පවා මොහු විසින් අඛණ්ඩව ලබා නොදුනි. කප්පාදුවට ලක් කරන ලදී. මෙයට එරෙහිව මණ්ඩපාධිපතිවරයාගේ කාර්යාලය වටකර සිසුන් සහ අනධ්‍යයන සේවකයන් උද්ඝෝෂණය කළේය. එකල ද ඊට විසඳුම් දෙනවා වෙනුවට පාලකයන් තෝරාගනු ලැබුවේ මර්දනයයි. විරෝධතාවය විසිරවීම සඳහා පොලීසිය විශ්වවිද්‍යාලය තුළට ගෙන්වනු ලැබීය. එහිදී එල්ල කළ ම්ලේච්ඡ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් විරෝධතාවයේ යෙදී සිටී රෝහණ වීරසූරිය සහෝදරයා ඝාතනය විය. සරසවි ඉතිහාසය තුල සිදු වූ පළමු ශිෂ්‍ය ඝාතනය මෙලෙස සිදු විය. එතැන් සිට සමාජ අසාධාරණය හමුවේ අරගල කළ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම පාසල් සිසුන් දහස් ගණනක් වරින් වර ඝාතනය කරන ලදි.

1978

අන්තරේ බිහිවෙයි.

1976 වර්ෂයේ රෝහණ වීරසූරිය සහෝදරයාගේ ඝාතනයත් සමඟ සියලු ශිෂ්‍ය සංගම් එක්ව ඊට විරුද්ධව සටන් රැලි රට පුරාම ඇති කළේය. ආණ්ඩු හිතවාදී ශිෂ්‍ය සංගම් සටන පාවා දෙමින් සටන් කිරීම, පන්ති වර්ජන නතර කරන ලෙස සිසුන්ගෙන් ද ඉල්ලා තිබුණි. නමුත් සිසුන් විසින් සටන් නතර කළේ නැත. ආණ්ඩු හිතවත් සිසු නායකයින්ව සිසුන් අතරින් ප්‍රතික්ෂේප විය.

මෙවැනි වටපිටාවක් තුළ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත එවකට ආණ්ඩුව ගෙන එන ලදි. එහිදී ශිෂ්‍ය සංගම් පවත්වාගෙන යාමට බලය ලබා දී තිබුණ ද බොහෝමයක් ශිෂ්‍ය අයිතීන් කප්පාදු කර තිබුණි. අනෙකුත් ශිෂ්‍ය සංගම් හා සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීම ආදිය කිරීමට වාරණ යොදවා තිබීමද ගැටලුවකි. තව ද මෙම කාලයට අදාළවම මෙරට ජනතාව භුක්ති විඳි හාල්පොත ද කප්පාදු කිරීමට ආණ්ඩුව තීරණය කරන ලදී.

පාලකයන් දිගින් දිගටම මෙරට ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී වූ අයිතීන් අමු අමුවේ කප්පාදුවට පිඹුරුපත් සකසන තත්වයක් තුළ සරසවි සිසුන් එකතු වී 1978 වර්ෂයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පිහිටුවන ලදී. එහිදී,

* ජනතාවගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කිරීම.
* නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් කිරීම.
* සරසවිවල අධ්‍යයන හා සුභසාධන ගැටලු විසඳාගැනීම වෙනුවෙන් අඛණ්ඩව අරගල කිරීම යන අරමුණු මූලික විය.

එතැන් සිට සමස්ත සමාජයටම ජයග්‍රහණයන් ගෙනදෙමින් වත්මන වන තෙක්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අඛණ්ඩව සටන් කරන්නට විය.

1981

විවෘත ආර්ථිකය සමඟ අධ්‍යාපන ධවල පත්‍රිකාවක්.

70 දශකයේ දී විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වාදීමත් සමඟ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමට පාලකයින් දැඩි උත්සහයක් දැරීය. විවෘත ආර්ථිකය හඳුන්වාදීම යනු නවලිබරල් ධනවාදය හඳුන්වාදීමයි. නවලිබරල් ධනවාදය උත්සහ දරන්නේ ප්‍රාග්ධනය ගලා නොගිය තැන්වලට ප්‍රාග්ධනය ගලා යාමට සැලැස්වීමයි. සරලව කිවහොත් මිල නොකළ සියලු දේටම මිලක් නියම කිරීමයි. එහි මූලික පියවරක් ලෙස, නිදහස් අධ්‍යාපනය මිල කර විකිණීම සඳහා 1981 දී අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන එන ලදි.

පාසල් අධ්‍යාපනය වසර 8කට සීමා කිරීම, සාහිත්‍යය ඉතිහාසය වැනි විෂයන් විෂය මාලාවෙන් ඉවත් කිරීම, මුදල් අය කරන පාසල් ආරම්භය, උපාධි මුදලට විකිණීම යන කාරණා මත පදනම් විනාශකාරීත්වයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වයෙන් සටන් ක්‍රියාත්මක විය. මේ සඳහා සියලු විශ්වවිද්‍යාලවල සිසුන් මෙන්ම පාසල් සිසුන් ද එක්වීය. ධවල පත්‍රිකාවට එරෙහිව ගෙන ගිය සටන ශිෂ්‍ය අරගල ඉතිහාසයේ සුවිශේෂී අරගලයක් විය. මෙම සුවිශේෂී අරගලය ප්‍රසිද්ධ ජනතා රැලි, උද්ඝෝෂණ හා පන්ති වර්ජන සමඟින් රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත විය. එවකට පැවති ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල ධවල පත්‍රිකාව සාකච්ඡාවට ගන්නා ලදි. නමුත් පනතේ ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවයට එරෙහිව රටපුරා උද්ඝෝෂණ ඒ සමඟම ඇරඹුණි. පෙබරවාරි 25 වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස ද නම් කොට දහස් සංඛ්‍යාත සිසුන්ගේ සහභාගීත්වයෙන් දින තුනක් අඛණ්ඩව කොළඹ නගරයේ පෙළපාලි ද පැවැත්වීය. සිය ගණනක් පාසල් සිසුන් ද මෙම පනතට එරෙහිව අරගල කළේය. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ දී විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, ගුරුවරුන් හා දෙමව්පියන් පාර්ලිමේන්තුව වැටලීය. උද්ඝෝෂණයේ යෙදී සිටී පිරිස පොලීසිය හා හමුදාව යොදා මර්දනය කරන්නට විය. පොලිස් අශ්වාරෝහක හමුදාව ලවා සිසුන් පෑගවීය. මෙමඟින් සිසුන් විශාල පිරිසක් තුවාල වූ නමුත්, මර්දනය හමුවේ දණ ගැස්සවීමට නොහැකි වූ ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය හමුවේ පාලකයින්ට අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුළා ගැනීමට සිදුවිය. සටන් කර ජයගත හැකී යන විශ්වාසය නැවත වටයකින් සමාජයට තහවුරු විය.

1987

අධ්‍යාපනය විකිණීමට උතුරු කොළඹ වෙද උපාධි කඩයක්.

නවලිබරල් ධනවාදී ප්‍රතිපත්තිය හමුවේ ජනතා අයිතිවාසිකම් එකින් එක පෞද්ගලීකරණයේ මකර කටට ඇදෙමින් තිබුණි. මේ අතර සටන් කර දිනාගත් නිදහස් අධ්‍යාපනය ද කෙමෙන් කෙමෙන් පෞද්ගලීකරණයේ දිසාවට තල්ලු කර ගැනීමට පාලකයින් ප්‍රයත්න දැරීය. 80 දශකයේ අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා කරගැනීමට නොහැකි වූ අධ්‍යාපනය පෞද්ගලීකරණ වැඩපිළිවෙළ නැවත වටයකින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හරහා සිදු කිරීමට උත්සහ දැරීය.

වෛද්‍යවරුන් වීමේ අයිතිය වරප්‍රසාද ලත් පන්තියට සීමා කිරීමේ හා මුදලට ලබාදීමේ පාලක පන්ති උවමනාව මනාව පැහැදිලි කරමින් අත්තනෝමතික අන්දමින් මෙම ආයතනය පිහිටුවීය. කැඳවන මොහොත වනවිටත් රජයෙන් ලබාදුන් ඉඩම හැර එහි ඉගැන්වීමට ගොඩනැගිල්ලක්වත් තනා නොතිබුණි. විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්තිය පවා උල්ලංඝනය කරමින් සිසුන් ඇතුලත් කරගත් අතර එහි උසස්පෙළ අසමත් සිසුන් ද ලියාපදිංචි වී සිටියේය. මෙලෙස කිසිඳු ප්‍රමිතියකින් ද තොරව ඇරඹුණු උතුරු කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලය ජනසතු කරන ලෙස ඉල්ලා ආරම්භක මොහොතේ සිටම අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක වීය. පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයාගේ නායකත්වය යටතේ වඩාත් ජවසම්පන්න ඇරඹුණු මෙම සටන ජනතා විරෝධයක් ලෙස රට පුරා ව්‍යාප්ත වූහ. නමුත් සටන අතරතුර දී ත්‍රිමාවිතාන සහෝදරයාට පාලන මර්දකයින් අතින් ඝාතනය වන්නට විය. එතැනින් ද නොනැවතුනු ශිෂ්‍ය ව්‍යාපාරය තව තවත් සටන්කාමීව මැදිහත් වෙමින් සටන ඉදිරියටම ගෙන ගියේය. ම්ලේච්ඡ රාජ්‍ය ත්‍රස්තවාදයට නොබියව මුහුණ දෙමින් ශිෂ්‍ය ව්‍යාපාරය කළ අරගලයේ අවසන් ප්‍රතිඵලයක් ලෙස, එවකට බලයේ සිටී ආණ්ඩුවට උතුරු කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට අනුයුක්ත කරමින් ජනසතු කිරීමට සිදු විය. අනාගත සමාජයේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කතා කළ සරසවි සිසුන් ඇතුලු ජනතාව දහස් ගණනක් මෙහිදී ඝාතනයට ලක්විය.

1984

සිසු ඝාතන රැල්ලක්.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මේ දක්වා පැමිණ තිබෙන්නේ මල් ඇතිරූ මාවතක නොවේ. අඛණ්ඩව සටන් කරමින් සමාජයට දැවැන්ත ජයග්‍රහණ අත්කර දී ඇතුවා සේම ඒ හා සමානව ම්ලේච්ඡ මර්දනයන්ට මුහුණ දී ඇත. ලේ, දහදිය, කඳුලු මතින් පන්නරය ලබා ඇත. මෙවැනි පසුබුමක් තුළ අයිතීන් වෙනුවෙන් හඬ නඟා සිදු වූ පළමු ශිෂ්‍ය ඝාතනය සිදුවන්නේ 1976 රෝහණ වීරසූරිය සහෝදරයාගේ ඝාතනයයි. එය සිදුවන්නේ සරසවි භූමිය තුළදීම පොලිස් වෙඩි පහරකිනි. 1984 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සරසවි පොලීසියක් පිහිටවනු ලැබීය. ඊට විරුද්ධව ගෙන ගිය අරගලයේ දී පත්මසිරි අබේසේකර සහෝදරයා වෙඩි තබා ඝාතනය කරන ලදි. ඒ වනවිටත් ඔහු පේරාදෙණිය සරසවියේ, වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. එයට එරෙහිව ගෙනගිය කොළඹ විශ්වවිද්‍යාලයීය විරෝධතාවයේදී රෝහණ රත්නායක සහෝදරයා ඝාතනය කරන ලදී. එලෙස ආරම්භ වූ මර්දනය විසින් බොහෝ දෙනෙකු ඝාතනය කරන ලදී.

1988

නිමල් බාලසූරිය සහෝදරයා

මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු වූ නිමල් බාලසූරිය සහෝදරයා ශිෂ්‍ය ව්‍යාපාරයේ දුෂ්කරම මොහොතක විශාල කැපවීමක් කළ නායකයෙකි. අධ්‍යාපන පෞද්ගලීකරණ හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සටනට නායකත්වය දුනි. සියලු විශ්වවිද්‍යාලවල සිසුන් සටනට එකතු කර ගැනීමටත්, සටන අත්නොහැර සිසුන් රඳවා ගැනීමටත් මොහුට විශේෂ දක්ෂතාවයක් තිබුණි. සරසවිය තුළ දෙවන වසරේ ඉගෙනුම ලබන විට කැඳවුම්කරු වූ මොහු ඒ නිසාම 1988 දී එවකට පාලකයන් විසින් බෝම්බ ගසා ඝාතනය කරන්නට තරම් සැහැසි විය.

1988

පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා

පද්මසිරි ත්‍රිමාවිතාන සුවහසක් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උදුරාගැනීමට මාන බැලු පිපාසිතයින්ට එරෙහිව අරගල කිරීමේ වරදින් 1988 දී රත්නපුර බස් නැවතුම්පොළේ දී පැහැරගෙන ගොස් ඔලුවට පරාල ඇණ ගසා දස වද දී පාලකයින් විසින් කෲර ලෙස ඝාතනය කොට වත්තක දමා ගොස් තිබුණි. ත්‍රිමා හොද කවියෙකි, චිත්‍ර ශිල්පියෙකි. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලය රාගම වෛද්‍ය පීඨය ලෙස සුවහසක් දරුවන් වෙනුවෙන් දායාද වෙද්දී ත්‍රිමාගේ ජීවිතය පාලකයන් උදුරා ගන්නා ලදි.

1989

වෙනුර එදිරිසිංහ සහෝදරයා

වෙනුර එදිරිසිංහ සහෝදරයා රාජකීය විද්‍යාලයෙන් ඉහළම ලකුණු ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු ඉගෙනීමට දක්ෂතා දැක්වූ ශිෂ්‍යයෙකි. මානව හිතවාදී සංවේදී පුද්ගලයෙකු වූ මොහු බාලසූරිය සහෝදරයාගෙන් පසු ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙක් විය. පසුව මොහු 1989 දී පැහැරගෙන ගොස් ඝාතනය කළේය. අත්අඩංගුවේදී දසවද දී කපා දමා තිබූ ඇඟිලිවලින් ගලන ලෙයින් වධකාගාරයේ බිත්තිවල මෙසේ සඳහන් කර තිබුණි.

``මතු පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් වැදුණෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා.``

1989

රංජිතම් ගුණරත්නම් සහෝදරයා

තමිල් ශිෂ්‍යයෙකු වූ රංජිතම් ගුණරත්නම් සහෝදරයාගේ ශිෂ්‍යභාවය උදාලගම් කොමිසමින් අහෝසි කළේය. ධවල පත්‍රිකාවේ ඇතැම් අංගයන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දැරූ උත්සහයේ දී පාසල් 1000ක සහභාගීත්වයෙන් කළ විරෝධතා උද්ඝෝෂණයට නායකත්වය ලබා දුනි. 1987 වසරේ කම්කරු දින තහනමට එරෙහිව කළ අරගලයට නායකත්වය දුන්නේ ද මොහුය. කොළඹ පිහිටි කඳවුරක දී 1989 වර්ෂයේ ඝාතනය කළ මොහු ශිෂ්‍ය ව්‍යාපාරයේ විශිෂ්ටතම ශිෂ්‍ය නායකයෙක් ලෙස සැලකේ.

1989

ඉරේෂා පොල්ගම්පල සහෝදරිය

ඉරේෂා පොල්ගම්පල සහෝදරිය කෑගල්ල ගලිගමුව ප්‍රදේශයෙන් සරසවි වරම් හිමිව ඇය විශ්වවිද්‍යාලයේ මෙන්ම පිටත දී ද ක්‍රියාකාරී කාන්තාවක් විය. ඇය අරගල බිමේ සිටි ශිෂ්‍යවකි. නිදහස් අධ්‍යාපනය රැකදීමේ අරගලයට තම උපරිම දායකත්වය ලබා දුන්නාය. මර්දනය උපරිම අවස්ථාවන් වල පවා අරගල බිමට තම දායකත්වය සැමවිටම ලබා දීමට ඇය සමත් විය. 1989 දෙසැම්බර් 30 දින පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී ඝාතනය කරන ලදී.

මොහොමඩ් නිශ්මි සහෝදරයා

මොහොමඩ් නිශ්මි සහෝදරයා රත්නපුර ඇලෝසියස් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා 1983 දී පේරාදෙණිය ඉංජිනේරු පීඨයට තේරී පත් විය. නිෂ්මි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සභාපති විය. එමෙන්ම ඔහු ජනප්‍රිය හා දැඩි කැපවීමෙන් යුතු ශිෂ්‍ය නායකයෙකි. අධ්‍යාපන හා සුභසාධන ගැටලු හමුවේ ඔහු දැක්වූ ක්‍රියාකාරීත්වය හා කැපවීම නිසාම ඉතා කෙටි කාලයකින් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සාර්ථකම ශිෂ්‍ය නායකයෙකු බවට පත් විය. පසුව ඝාතනය කරන ලදී.

1990

උපාලි ජයවීර සහෝදරයා

උපාලි ජයවීර සහෝදරයා 1983 කාලයේ දී අන්තරේ කැඳවුම්කරූ බවට ද පත් වූ අතර 1983 නිල ශිෂ්‍ය සංගම් තහනම් කළ තත්ත්වයක විශ්වවිද්‍යාල ක්‍රියාකාරී කමිටු නිර්මාණය කරමින් වැඩ කරලීමට මොහුගේ නායකත්වය ප්‍රමුඛ අන්තරේ හට හැකි විය. මොහුගේ නායකත්වය යටතේ ඇමරිකන් රූකඩ ලෙස මෙරට පාලකයන් පත්වීම් සහ ඉන්දිය මැදිහත්වීම්වලට එරෙහිව සිසු බලවේග ඒකරාශි කිරීමට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි විය. අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මත 1990 ජනවාරි 02 වන දින නුවරඑළියේ දී රාජ්‍ය හමුදා මඟින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන නොයෙක් වද දී ඝාතනය කරන ලදි.

1990

ශාන්ත බණ්ඩාර සහෝදරයා

ශාන්ත බණ්ඩාර සහෝදරයා කෝට්ටේ ප්‍රදේශයෙන් පැමිණ විද්‍යවේදී උපාධි හදාරපු සිසුවෙක් වන අතර හාල් පොත් කප්පාදුවට එරෙහි අරගලයට නායකත්වය දීම නිසා ශිෂ්‍යභාවය අහෝසි කරන ලදි. එමෙන්ම මොහු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පළමු කැඳවුම්කරු ද විය. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි අරගලයේ දී සිරගත වුව ද නැවත නිදහස් විය. එහෙත් 1990 වර්ෂයේ වත්තේගොඩ කඳවුරට රැගෙන ගොස් ඝාතනය කර ඇත.

2012

ජානක බණ්ඩාර ඒකනායක සහෝදරයා සහ සිසිත ප්‍රියංකර යන සහෝදරයා

මේ ආදී ලෙස නිදහස් අධ්‍යාපනයත්, සමාජ අයිතීනුත් වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් කර ජීවිතයෙන් පවා කැපකිරීම් කළ පරමාදර්ශයන් මේ යැයි නම් කර අවසන් කළ නොහැක. නම් කළ නොහැකි තරම්ම සහෝදරියන්, ස්වාමින් වහන්සේලා, පාසල් සිසුන් මෙන්ම ආචාර්ය සත්‍යපාල වන්නිනායක වැනි ආචාර්යවරුන් ආදී බොහෝ බලවේග ඝාතනයට ලක්ව ඇත. 2012 වර්ෂයේ දී ද ජානක බණ්ඩාර ඒකනායක සහෝදරයා සහ සිසිත ප්‍රියංකර යන සහෝදරයින්ව එවකට ආණ්ඩුව ඝාතනය කරන ලදී. (මේ අවස්ථා කිහිපයක් පමණි)

මේ පවතින නරුම ධනවාදී ක්‍රමය වෙනස් කර වඩා යහපත් සමාජයක් වෙනුවෙන් අරගල කළ හැට දහසකට අධික සොයුරු සොයුරියන් පිරිසක් කුරිරු පාලකයින් විසින් මේ ආකාරයටම සමාජයට අහිමි කළේය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා, පාසල් සිසුන් මෙන්ම ආචාර්යවරුන් ද ආණ්ඩුවේ කෲර මර්දනය හමුවේ බිලි වුණි. නමුත් මේ කිසිඳු මර්දනයකින් හෝ කිසිඳු කුමන්ත්‍රණයකින් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය කිසිවෙකුට දණ ගැස්සවීමට නොහැකි විය. එකාපිට එකා මැරෙද්දීත් ශිෂ්‍ය ව්‍යාපාරය තම සමාජ වගකීම වගකීමක් ලෙස ගෙන වත්මන වන තෙක්ම අඛණ්ඩව පැමිණ ඇත.

අපි අද භුක්ති විඳින්නේ ඔවුන්ගේ අඛණ්ඩ අරගලයේ ප්‍රතිඵලයි

අසූව දශකය අවසන් වූයේ ලංකාවේ පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කල සියලු ව්යාපාර පාලකයන් විසින් සමූල ඝාතනය කිරීමෙනි. ශිෂ් ව්යාපාරයට එවකට නායකත්වය දුන් ශිෂ් නායකයන් බහුතරය අමානුෂික අන්දමින් මරා දැමූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදන් කර තිබුණි. එවන් පසුබිමක් තුල නැවත සටන් කිරීමට තබා ඒකරාශී විමට පවා ජනතාව බිය වූ අතර කම්කරු ව්යාපර, වෘතිය සමිති, බහුජන සංවිධාන සහ වාමාංශික දේශපාලන පක්ෂ සටන් කිරීම අතහැර දමා ජීවිතාරක්ෂාව වෙනුවෙන් සැඟව ගියේය. ඇතමුන් වරදාන වරප්රසාද වෙනුවෙන් පාලක පන්තිය සමඟ එක්විය.

මෙවැනි තත්ත්වයක් තුල අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ් බලමණ්ඩලය නිදහස් අධ්යාපනය දිනාගැනීමේ සටන අතර මග නවතා පලා යනු වෙනුවට ජීවිත ඇපයට තබා සටන් කිරීම තෝරා ගන්නා ලදී. බහුතර ශිෂ් නායකයන් ඝාතනය කර තිබියදීත් නැවතත් ඒකරාශී වූ විශ්වවිද්යාල සිසුන් අරගලයට අවතීර්ණ වූයේ පෙරටත් වඩා ජවසම්පන්න අයුරිනි.

1991 වසරේදී ශ්රී ලංකා වෛද් මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වෛද්යවරුන්ට ආයුර්වේද වෛද් ශිෂ්යයන් සඳහා බටහිර වෛද් විද්යාව සම්බන්ධයෙන් දේශන පැවැත්වීම තහනම් කරමින් ශ්රී ලංකා වෛද් මණ්ඩලය මගින් නිවේදනයක් නිකුත් කරන ලදී. මේ හේතුවෙන් දේශීය වෛද් අධ්යාපනය විශාල අර්බුදයකට ලක් විය. දේශීය වෛද් ශිෂ්යන්ගේ අධ්යාපනයේ ගුණාත්මකභාවය පවා පහත වැටීමට මෙම තත්වය හේතු වන්නට ඉඩ තිබුනි. මේ තත්ත්වය වටහා ගත් ශිෂ් ව්යාපරය නැවතත් සටන් බිමට අවතීර්ණ වූ අතර සරසවි ශිෂ්යන් සංවිධානය කරමින් දැවැන්ත අරගලයක් ක්රියාත්මක කරන ලදී. ආණ්ඩුව උත්සහා කලේ මෙම ප්රශ්නය ශ්රී ලංකා වෛද් මණ්ඩලය සහා ආයුර්වේද වෛද් ආයතනය අතර ප්රශ්නයක් ලෙස හුවා දක්වමින් කර ඇරීමටයි. දැවැන්ත මර්දන යුගයකින් පසුව නමුත් සමස්ථ සමාජයම දැනුවත් කරමින් ශිෂ් ව්යාපාරය නැවතත් සටනට අවතීර්ණ විය. විරෝධතා ව්යාපාර, ජනතා දැනුවත් කිරීම් ඔස්සේ ක්රමානුකූලව ඉදිරියට පැමිණි ශිෂ් අරගලය වටා භීෂණය හමුවේ මුළු ගැන්වී සිටි සමාජය ක්රමයෙන් ඒකාරාශී වූ අතර රට පුරා ආණ්ඩුවේ මෙම අත්තනෝමතික නියෝගය අස් කරගන්නා ලෙස බල කරමින් ජනතා රැළි සංවිධානය විය. මාරාන්තික උපවාසයක් දක්වා ඇදී ගිය මෙම දැවැන්ත අරගලය හමුවේ ආණ්ඩුවේ තීරණය අකුලා ගන්නා ලදී.

යක්කල වික්රමාරච්චි වෛද් විද්යාලය විශ්වවිද්යාලයක තත්ත්වයට පත් කරන ලෙස බලකරමින් 1993 වසරේදී ශිෂ් ව්යාපාරය දැවැන්ත අරගලයක් රම්භ  කරන ලදී. උද්ඝෝෂණ, පාගමන්, උපවාස, ඔස්සේ අරගලය අඛණ්ඩව ඉදිරියට ගලා ගිය අතර කොළඹ සරසවියේ සිට යක්කල නගරය දක්වා පැමිණි දැවැන්ත පා ගමනකින් අනතුරුව යක්කල වික්රමාරච්චි වෛද් විද්යාලය කැළණි සරසවියට අනුයුක්ත කරන ලදී. වර්ථමානයේදී මෙම ආයතනය කැළණි සරසවියෙන් ඉවත් කොට විශ්වවිද්යාලයක් වශයෙන් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්රකාශයට පත් කොට ඇත

 

මෙම වසරේදීම ආණ්ඩුව විසින් සිය නවලිබරල් ආර්ථික ප්රතිපත්ති අනුව යමින් නිදහස් අධ්යාපනයට වෙන් කරනු ලබන ප්රතිපාදන කප්පාදු කිරීම සඳහා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 1993 පාසල් සංවර්ධන මණ්ඩල පනතයි. මෙම පනතට අනුව පාසල් අධ්යාපනය පවත්වාගෙන යාමට අදාල වගකීමෙන් රජය නිදහස් වන අතර සඳහා පාසල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවනු ලබයි. මෙම මණ්ඩලය විසින් අරමුදලක් ආරම්භ කළයුතු අතර එම අරමුදල සඳහා සියලු වියදම් දෙමාපියන් විසින් සොයාගත යුතු විය. පාසලේ සියලු සංවර්ධන කටයුතු මෙම අරමුදල මඟින් දැරිය යුතු විය. මෙම තක්කඩි පනත වහා අකුලා ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ් බලමණ්ඩලය අරගලයක් ආරම්භ කරන ලදී. මුලින් විශ්වවිද්යාල ශිෂ්යයන්ට පමණක් අරගලය සීමා වූ නමුත් කල්යත්ම පාසල් මට්ටම දක්වා සටන ව්යාප්ත විය. පාසල් පෞද්ගලීකර්ණය කිරීමේ කූට අරමුණ පෙරදැරිව ගෙනා මෙම පනත අකුලා නොගෙන සිටීමට ගත හැකි සියලු ක්රියාමාර්ග ගැනීමට පාලක පන්තිය උත්සහා ගත් අතර ශිෂ් ව්යාපාරය වෙත නැවතත් මර්දනය මුදා හරින ලදී. සිර ගත කිරීම්, තර්ජනය කිරීම් සිට මැර ප්රාහර දක්වා ඇදී ගිය මෙම මර්දනය හමුවේ ශිෂ්යා ව්යාපාර නොසැලී සටන් කරන ලද බැවින් අවසානයේදී පාලකයින්ට පනත අකුලා ගන්නට සිදු විය. මෙම පනත සම්මත වූයේ නම් අද වනවිට දරුවන්ගේ පාසල් වියදම් සියල්ල දෙමාපියන්ගේ කරමත පැටවී මහත් අසීරු අඩියකට ඇද වැටෙන්නට ඉඩ තිබුනි.

 

මෙසේ ආණ්ඩුවේ නීච ප්රතිපත්ති හමුවේ නොසැලී සටන් කළ ශිෂ් ව්යාපාරයට සඳහා ලෙයින් කඳුළින් පවා වන්දි ගෙවන්නට සිදු විය. බොහෝ ශිෂ්යන්ගේ උපාධිය පවා අහිමි කරගනිමින් ජනතාව වෙනුවෙන් සිදුකල මෙම සටන්වල ප්රතිඵල භුක්ති විඳින අප උර මත දැවැන්ත වගකීමක් පැටවී ඇත. මතු පරපුර වෙනුවෙන් නිදහස් අධ්යාපනය ආරක්ෂා කරගැනීමයි.